වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න – විපක්ෂ නායකගෙන් රජයට දැනුම්දීමක් (වීඩියෝ)

වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඉරාන – ඊශ්‍රයල යුද්ධයෙන් අප රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

පර්සියානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ තෙල් ක්ෂේත්‍රයේ ද ස්වාභාවික වායු ගෑස් ක්ෂේත්‍රයේත් බරපතළ ගැටලුවක් උද්ගත වන බවත්, ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට පියවර ගැනීමට නියමිත බවත්, මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැපයුමෙන් 20-30%ක් අතර ප්‍රමාණයකට මෙන් ම ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3කට වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශ්ව අනතුරු අඟවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

රටක් ලෙස ප්‍රේක්ෂකයන් ආකාරයෙන් බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතළ ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බව‍යි විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ බලශක්ති ක්ෂේත්‍රයට සිදුවන බලපෑමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අප ද රටක් ලෙස පියවර ගෙන මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයාගේ අදහසයි.

මේ උද්ගත වී ඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමිවීමක් සිදු වුවහොත් එය රටට බරපතළ ලෙස බලපාන බැවින් ඒ ගැන ද සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවා.

  1. අනේ අපේ විපස්ස නායක දන්න තරම ලජ්ජයි. මේ මෝඩ මිනිසාට චන්දය දි දී පස්සෙන් යන මිනිස්සු කොට්ඨාසයකුත් මේ රටේ ඉන්නවනේ. මේ මනුස්සයට රට බාර දුන්නොත් කොහොමට හිටීවිද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32