වහාම ඛාන් නිදහස් කරන්න – පාකිස්තානයේ දැවැන්ත විරෝධතා

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්‍රාන් ඛාන් ව වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා මේ දිනවල (09) දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

මෙම විරෝධතා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

තවදුරටත් ඛාන්ගේ සිරගත කිරීමේ කාලය දීර්ඝ නොකරන ලෙසටත් ඛාන් පාක්ෂිකයින් ඉල්ලා සිටිනවා.

විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ සිය නායකයා වසරකට වැඩි කාලයක් අනීතිකව රඳවා තබාගෙන ඇති බවයි.

වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් යනු ප්‍රධාන දේශපාලන පක්ෂකයෙකු නායකයෙකු වුව ද ඔහුට පොලිසියෙන් පැවරුණු නඩු 150කට වඩා වැඩි සංඛ්‍යාවක් පවතින බව ද විරෝධතාකරුවන් චෝදනා කරනවා.

රජයේ විවේචකයින් සහ ඛාන්ගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය පවසන්නේ මෙම චෝදනා දේශපාලනිකව අභිප්‍රේරිත බවයි.

2022 දී පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ඡන්දයකින් ඉම්‍රාන් ඛාන් ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණා.

ඛාන්ගේ පාක්ෂිකයින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඛාන්ගේ මාධ්‍ය ප්‍රකාශක සුල්ෆි බුහාරි නිවේදනයක් නිකුත් කරමින් පොලිසියේ හැසිරීම දැඩි ලෙස හෙළා දැක ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14