වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි හා සහල් සඳහා නව මිලක්

ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීනි හා සහල් සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බව යි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ පවසා සිටියේ.

මේ අනුව පැකට්වල අසුරන ලද සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 130.00ක් නිර්දේශ වී තිබෙනවා.

එසේම පැකට් නො කර විකුණන සීනි කිලෝවක් අලෙවි කළ යුතු බවට නිර්දේශ වී ඇත්තේ රුපියල් 125.00කට යි.

එමෙන්ම කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 136.00කටත්, සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 101.00කටත් අලෙවි කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් අලෙවි කිරීමට නිර්දේශ කර ඇත්තේ ද රුපියල් 101.00ක උපරිම මිලකට යි.

මෙම නව මිල පාලනය යටතේ රතු නාඩු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස නිර්දේශ කර ඇත්තේ රුපියල් 94.00ක්.

එමෙන්ම මෙම නව නිර්දේශ යටතේ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 91.00ක මුදලකට අලෙවි කළ යුතු වනවා.

මෙම මිල ගණන් අනුමැතිය සඳහා මේ වන විට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇතත් ඒ සඳහා වන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46