වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව අපරාධ හා රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස්. දමින්ද නැඟෙනහිර පළාතටත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා නැඟෙනහිර පළාතේ අපරාධ හා රථවාහන කොට්ඨාසයටත් මාරුකර යවා තිබේ.

2022.05.27 දින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරු නියෝගය නිකුත් කර තිබේ.