වහලය මත සවි කරන සූර්ය පද්ධති ගැන ඇමති කංචන විජේසේකරගෙන් ට්විටර් සටහනක්

වහලය මත සවි කරන සූර්ය පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

මේ බව ට්විටර් සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙලෙස සඳහන් කර තිබුණා.

වහලය මත නව සූර්ය පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති අතර , පැවති රු 22 ක සහ රු 15.50 ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට කිලෝ වොට් 5000 ට අඩු නව පද්ධති වෙනුවෙන් 37 ක සහ කිලෝ වොට් 5000ට වැඩි නව පද්ධති වෙනුවෙන් රු 34.50 ක ස්ථාවර නව ගාස්තුව වසර 20කට ක්‍රියාත්මක වේ.