කොළඹ දෙස සිට කළුතර දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
වස්කඩුව – ගාලුපාරේ දී මෝටර් රථය ප්‍රතිවිරුද්ධ මන්තීරුවට ධාවනය වී අසල සිටි පදිකයින් තිදෙනෙකුගේ ගැටී මාර්ග මායිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
රියදුරට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරනවා.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.













