වසර 32කට පසු පාකිස්තානය දිනූ රන් පදක්කම – ලොව වේගවත්ම ක්‍රීඩකයා කොවිඩ් තියාගෙන දිව්ව හැටි (ඡායාරූප)

මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළේ දී වසර 32කට පසු පාකිස්තානය රනින් සරසන්නට අර්ෂාඩ් නදීම් (Arshad Nadeem) ට වාසනාව උදා වුණා.

ඒ පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් ද තමන් නමින් ලියා ගනිමින්.

පාකිස්තානයේ මේ වනවිට උද්ගත ව ඇති ව්‍යාකූල වූ දේශපාලනික, සමාජීය හා ආර්ථික අර්බුද මධ්‍යයේ වුව ද, සිය රටට රන් පදක්කමක් වසර 32කට පසුව දිනා දීමට අර්ෂා නදීම් හට හැකියාව ලැබුණා.

නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින් අර්ෂාඩ් විසින් මෙම රන් පදක්කම පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයෙන් දිනා ගත් අතර; ඔහු තැබූ ඔලිම්පික් වාර්තාවේ දුර සටහන් වූයේ මීටර් 92.97ක් ලෙස‍යි.

2008 වර්ෂයේ චීනයේ බීජිං හි දී නෝර්වේ ජාතික ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් පිහිටුවා තිබූ මීටර් 90.57ක් වන හෙල්ල විසි කිරීමේ ඔලිම්පික් වාර්තාවයි අර්ෂාඩ් විසින් ඊයේ පස්වරුවේ බිඳ දමනු ලැබුවේ.

මෙම ඉසව්වේ රිදී පදක්ක 27 හැවිරිදි ඉන්දියාවේ පිරිමි හෙල්ල විසිකිරීමේ වත්මන් ලෝක ශූරයා මෙන් ම හිටපු ඔලිම්පික් ශූරයා වන නීරාජ් චොප්රා විසින් දිනා ගනු ලැබුවා.

පකිස්තානය මීට පෙර දිනූ ඔලිම්පික් පදක්කම් 08න්, හයක් දිනා ඇත්තේ පිරිමි හොකී තරග කාණ්ඩයෙන් පදක්කම් 06ක්, පිරිමි මල්ලවපොර සහ බොක්සිංවලින් එක් පදක්කමක් ලෙසයි.

පාකිස්තානය සිය අවසන් ලෝකඩ පදක්කම වර්ෂ 1992 දී දිනා ඇති අතර; ඒ පිරිමි හොකී කණ්ඩායම විසින් ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි දී‍ බවත් ක්‍රීඩා වාර්තා පෙන්වාදෙනවා.

මෙම ඓතිහාසික ජය වාර්තා කළ පසු අර්ෂාඩ් ප්‍රකාශ කර සිටියේ; තමන් තවදුරටත් ඉදිරියට යාමට උත්සාහ කරන බවත්; රන් පදක්කම දිනා ගැනීමට ලැබීම පිළිබඳ ව සෑහීමකට පත් වන නමුත්; ඉදිරියේ දී හෙල්ල විසිකිරීමේ දුර මීටර් 95කට වඩා වැඩි කිරීමට සිය උපරිම ශක්තිය යොදන බවයි.

එමෙන්ම ඔලිම්පික් උලෙළේ ඉහළම දක්ෂතා දැක්වීමට තමන් හට උපකාර කිරීම වෙනුවෙන් සිය රන් පදක්කම පුහුණුකරුට පිරිනමන බව ද අර්ෂාඩ් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ලොව වේගවත් ම ක්‍රීඩකයා හට කොවිඩ් ආසාදනය වී පවතිද්දී, අවසන් තරගයට එක් ව; ලෝකඩ පදක්කම දිනා ගැනීමේ සිදුවීම ද ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

‘ලොව වේගවත් ම මිනිසා’ ලෙස සැලකෙන සුපිරි ධාවක ශූර අමෙරිකානු ජාතික නෝවා ලයිල්ස් ඊයේ පැවති මීටර් 200 තරගයේ අවසන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

නෝවා ලයිල්ස් මෙම තරගයට එක් වූයේ දැඩි අසනීප තත්ත්වයකින් වන අතර; තරගය අවසාන වී හෝරා කිහිපයක් ගත වන විට හෙළි ව ඇත්තේ ඔහුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවටයි.

ලයිල්ස් මෙම තරගයේ තුන්වැනි ස්ථානයට පත්වීමෙන් අනතුරුව මෙවර ඔලිම්පික් තරගාවලිය සිය අවසන් තරගය වනු ඇති බවට ද ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් වන නිල සටහනක් ද ලයිල්ස් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි ද පළ කර තිබෙනවා.

නෝවා ලයිල්ස් තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ; 2024 ඔලිම්පික් උලෙළ සිය අවසානය වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එය තමන් සිහින මැවූ ඔලිම්පික් නොවන බවයි. නමුත් එය මේ වනවිට හදවතේ මෙතරම් ප්‍රීතියක් ඇති කිරීමට ද සමත් ව ඇති බව ද ලයිල්ස් පවසනවා.

සියලු ප්‍රේක්ෂකයින් සිය සංදර්ශනය රස විඳින්නට ඇතැයි තමන් විශ්වාස කරන බව ද නෝවා ලයිල්ස් තැබූ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ වැඩිදුරටත් සඳහන්.

මේ වනවිට 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ චීනය අමෙරිකාව පසුකිරීමට ඉතා ආසන්න තත්ත්වයක පසුවනවා.

ඒ අමෙරිකාව රන් පදක්කම් 30ක් දිනා ඇති මොහොතක චීනය රන් පදක්කම් 29ක් තමන් සතු කරගෙන සිටින හෙයින්.

තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඔස්ට්‍රෙලියාවටයි.

ඔවුන්ට රන් පදක්කම් 18ක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38