වසර 21ක් සුරැකි ටෙස්ට් වාර්තාව බිඳ නොදැමූ මෝල්ඩර්ට ලාරාගෙන් ඇමතුමක්

කලක සිට පවතින ක්‍රිකට් ලෝක වාර්තාවක් බිඳ දැමීම ප්‍රතික්ෂේප කළ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් පිළිබඳව පසුගිය දා ක්‍රිකට් ලෝකයේම අවදානයට ලක්වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා විසින් ටෙස්ට් ඉනිමක දී ක්‍රීඩකයෙක් රැස්කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පසු කිරීමට හෝ සම කිරීමට වියාන් මෝල්ඩර් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

මේ අතර වියාන් මෝල්ඩර් පවසා ඇත්තේ මෙම සිදුවීමේ පසු; පසුගිය දිනක ක්‍රිකට් පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරා තමන්ට දුරකථනයේ කතා කළ බවයි.

එහිදී සිය නම ඉදිරියේ 2004 වසරේ සිට පවතින එම ලෝක වාර්තාව බිඳ හෙළීමට අවස්ථාව තිබිය දී එසේ නොකිරීම සම්බන්ධයෙන් ලාරා සතුටු නොවූ බවයි මෝල්ඩර් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම වාර්තාව පසු කිරීමට යළි අවස්ථාවක් ලැබුනහොත් එම අවස්ථාවේ දී එය පසුකර යාමට ලාරා තමන්ට උපදෙස් දුන් බවත් මෝල්ඩර් වැඩිදුරටත් සඳහන් කළා.

“බ්‍රයන් ලාරා මට කතා කළා. ඔහු මට කිව්වා තමන්ට තමන්ගේම උරුමයක් ගොඩනගාගන්න කියලා, මට ඒකට යන්න තිබුණා කියලා ඔහු කිව්වා. වාර්තා බිඳ දැමිය යුතු බවත් ඔහු කිව්වා. යළි අවස්ථාවක් ලැබුනොත් එය නොකර ඉන්න එපා කියලා මට කිව්වා. නමුත් මම තවමත් නිවැරදි තීරණයක් ගත්තා කියලා මට හැඟෙනවා, මට නම්, ක්‍රීඩාවට ගරු කිරීම තමයි වැදගත්ම දේ”

ලාරාගේ නොදැවී ලකුණු 400 තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉනිමක දී ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වන අතර, එය ක්‍රීඩාවේ වඩාත්ම කල් පවතින වාර්තා වලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ වෙතත් සිම්බාබ්වේට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ දී මෝල්ඩර් ලකුණු 367ක් රැස්කරගෙන සිටිය දී දකුණු අප්‍රිකානු ඉනිම අත්හිටුවීමට නායකයා ලෙස ඔහු තීරණය කළේ ලෝක වාර්තාව බිඳ දැමීමට තවත් ලකුණු 33ක් පමණක් අවශ්‍යව තිබූ මොහොතකයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ද අදහස් දක්වමින්, ලාරාගේ දිගුකාලීන වාර්තාව බිඳ දමා ක්‍රිකට් ඉතිහාසයේ තමාගේම සලකුණක් තැබීමේ දුර්ලභ අවස්ථාව මෝල්ඩර් අහිමි කර ගැනීම ගැන කනගටුවබ බවයි පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
6
+1
14
+1
12
+1
14
+1
8
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32