වසර 18ක දී ඉන්දියාවේ ගුවන් තොටුපළ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි  2014 වසරේ වැඩ භාර ගැනීමෙන් පසු එරට ක්‍රියාකාරී ගුවන් තොටුපළ සංඛ්‍යාව 74 සිට 140 දක්වා දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එරට රජයේ ආරංචි මාර්ග පැවසුවේ ගෝවා හි මෝපා ජාත්‍යන්තර ගුවන්තොටුපළද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන ඉරිදා විවෘත කිරීමට නියමිත බවයි.

ඉදිරි වසර පහ තුළ ගුවන් තොටුපළ 220 ක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට ඉන්දීය  රජය සැලසුම් කර තිබෙනවා.

අන්තර්  සම්බන්ධතා ඉහළ නැංවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ වෙනුවෙන් විවිධ ගුවන් තොටුපළවල්  විවෘත කරමින්  සහ මුල්ගල් තබමින් මෙම ව්‍යාපෘතිය සඳහා මුලපිරූ  බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තා කරනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී අරුණාචල් ප්‍රදේශ්, ඉටානගර් හි ග්‍රීන්ෆීල්ඩ් ඩොනි පෝලෝ ගුවන්තොටුපළත්, ජූලි මාසයේදී ඩියෝගර් ගුවන්තොටුපළත් අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වූ අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔහු  උත්තර් ප්‍රදේශ්, ජෙවාර් හි නොයිඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙනුවෙන්  මුල්ගල  තැබුවා.

ඊට අමතරව සුප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක් වන කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.

ගෝවා හි දෙවන ගුවන් තොටුපළ වන මෝපා ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා මුල්ගල තැබුණේ  2016 නොවැම්බර් මාසයේදී.
ගෝවා හි පළමු ගුවන් තොටුපළ ඩබෝලිම් හි පිහිටා ඇති අතර මෝපා ගුවන් තොටුපළ ඒ හා සාපේක්ෂව වැඩි පහසුකම්වලින් සමන්විත වනු ඇති.

ඩබෝලිම් ගුවන් තොටුපළේ වත්මන් මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගීන් මිලියනය 8.5 ක්.
මෝපා ගුවන් තොටුපළ ක්‍රියාත්මක වීමත් සමඟ මුළු මගී හැසිරවීමේ ධාරිතාව වසරකට මගීන් මිලියනය 13ක් පමණ වනු ඇති බව බලධාරීන්ගේ විශ්වාසයයි.

ඩබෝලිම් ගුවන් තොටුපළට දේශීය ගමනාන්ත 15ක් සහ ජාත්‍යන්තර ගමනාන්ත 6ක් සමඟ සෘජු සම්බන්ධතා පවතින  අතර  නව ගුවන් තොටුපළත් සමඟ එය දේශීය ගමනාන්ත 35ක් සහ ජාත්‍යන්තර ගමනාන්ත 18ක් දක්වා ඉහළ යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04