වසර 07කදී විදුලිබල මණ්ඩලයේ පාඩුව මිලියන 594,368යි – කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

2015 වර්ෂය හැර 2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 594,368 ක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය (24) දා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින්, කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත්, ඉන් ප්‍රධාන හේතුවක් ලෙස ආයතනයේ සේවකයන් සිටියදී ඇතැම් මෙහෙයුම් කටයුතු බාහිරින් ලබාගැනීම බවයි.

මෙලෙස අඛණ්ඩව අලාභ ලැබීම හේතුවෙන් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීම සිදු කොට ඇති බවත් මේ නිසා ජනතාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් කාරක සභාව පෙන්වා දුන්නා.

නමුත් 2023 වර්ෂයෙන් පසුව විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

පසුගිය කාලසීමාවේ පැය 18ක් පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබූ ණය ගෙවාගැනීමට නොහැකි වූ නිසා බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නා.

කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමෙන් අනතුරුව නිලධාරීන් මේ බව පැවසූ අතර මෙහිදී කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2014 වර්ෂයේ සිට ප්‍රමාණවත් ආකාරයෙන් විදුලි බිල සංශෝධනය නොකිරීම හේතුවෙන් එක්වරම විශාල විදුලි බිල වැඩි කිරීමක් සිදුව ඇති බව පැහැදිලි වන බවත් මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී ඇති බවත් විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් අනතුරුව පැය 24ම විදුලිය ලබාදීම සිදු කර ඇති බව නිරීක්ෂණය වන බවත් ඔහු පවසා සිටියා.

එසේම එල්.ටී.එල්. සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බවත් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්ත්වය ගැටලුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන් අතර එල්.ටී.එල්. සමාග‍මේ කොටස් (ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම), වෙස්ට් කෝස්ට් ආයතනය සහ ඊසොට් (Esot) සමාගම යන ආයතනවලට බෙදී ඇති කොටස් ප්‍රමාණය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16