වසර විසිඑකක අබිරහසක් යූ ටියුබ් නිසා විසඳුණු හැටි

සමාජ මාධ්‍ය අද වන විට සමස්ත ලෝකයම උඩු යටිකුරු කිරීමට සමත් වී ඇති බව සැවොම දන්නා කරුණකි. දේශපාලනික රෙජීමයන් පෙරළීමේ සිට අබිරහස් විසඳීම දක්වා මෙකී නොකී සෑම ක්ෂේත්‍රයකම සමාජ මාධ්‍ය පැතිරී ගොස් ඇත්තේ සුළඟක් මෙනි. එමෙන්ම මේ සමාජ මාධ්‍ය බොහෝ පාලකයන්ට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි වීමද ජනතාව ඒ වෙත ආකර්ෂණය වීමට තවත් හේතුවක් තිබේ. එමෙන්ම අමතක කළ යුතු නොවන කරුණක් වන්නේ සමාජ මාධ්‍යවල යහපත් ලක්ෂණ මෙන්ම දුර් ලක්ෂණද රැසක් පවතින බවයි.

ඒ කෙසේ වුවද සමාජ මාධ්‍ය හේතුවෙන් වසර විසි එකක් පැරණි අබිරහසක සුල මුල දැන ගැනීමට පසුගියදා ඇමරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ වැසියන්ට හැකියාව ලැබිණී.

ජෙරමි බියූ සයිඩ්ස් යනු යූ ටියුබ් නාලිකාවක හිමිකරුවෙකි. ඔහු තම නාලිකාවට එක් කරන්නේ කාලයේ වැළි තලාවෙන් වැසී ගිය අබිරහස් පිළිබඳ ඔහු කරන ගවේශනවල වීඩියෝ පටයි. මේ වීඩියෝ පට තැනීම සඳහා ඔහු බලවත් වෙහෙසක් දරන්නේ ඒවා හුදෙක්ම වීඩියෝ පට නොවන බැවිනි. පුථමයෙන්ම ඔහු කිසියම් අබිරහසක් පිළීබඳව සොයා බලන අතර එම අබිරහස පිළිබඳ සාක්ෂිද සොයා බලයි. ඉන්පසු අදාළ සිදුවීම් සිදුවූ අන්දම නිරූපනය කරන ඔහු අනුමානයන් ඔස්සේ අබිරහස විසඳීමට උත්සාහ දරයි.

ඔහුගේ මේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස නොවිසඳුණු අබිරහසක් සොයන අවස්ථාවකදී ඔහුට දැනගන්නට ලැබෙන්නේ අදින් වසර 21කට පෙර ටෙනසී ප්‍රාන්තයේදී අතුරුදන්වූ තරුණයකු සහ තරුණියක පිළිබඳවයි. ඔවුන් සාමාන්‍ය ජීවිත ගෙවූ තරුණයන් වූ අතර 2000 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඔවුන් පිළිබඳ කිසිඳු තොරතුරක් දැනගන්නට ලැබී නොමැත.

මේ අබිරහස විසඳීමට උත්සාහ දැරූ සයිඩ්ස් ප්‍රථමයෙන්ම අදාළ ප්‍රදේශයේ ශෙරීෆ්වරයා හමුවී ඔහුගෙන් තොරතුරු ලබා ගෙන තිබේ. ශෙරීෆ්වරයා මේ සිදුවීම අදාළ කර ගනිමින් සිදු කළ සියලුම නිරීක්ෂණවල තොරුතුරුද ලබා ගත් සයිඩ්ස් වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත්තේ මේ තරුණයා සහ තරුණිය අවසන් වරට පුද්ගලකු විසින් දැක ඇත්තේ නගරයේ සිට ගම්මානය දෙසට වැටී ඇති ප්‍රදේශයේදී බවයි.

මේ දෙදෙනා අතරින් තරුණීය එවකට 18 හැවිරිදි වියේ පසුවූ එරින් ෆොස්ටර් වූ අතර තරුණයා එවකට 17 වැනි වියේ පසුවූ ජෙරමි බෙචල් ය. ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි බවට ඇසින් දුටු පුද්ගලයන් වූ නමුත් මේ තරුණයා සහ තරුණිය මෙන්ම මෝටර් රථයටද සිදුවූ දෙයක් පිළිබඳව කිසිඳු සලකුණක් ඉදිරිව තිබුණේ නැත.

මේ දෙදෙනා අවසන් වරට දුටු ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටි සයිඩ්ස්ට පෙනී ගියේ අසලින් ගලා බසිනා ගංගාවයි. ඔහු දැඩි සේ තීරණය කර සිටියේ එම ගංගාව සමග මේ අබිරහසේ කිසියම් සම්බන්ධයක් පැවතිය යුතුම බවයි.

සොයා ගත් මේ සියලු කරුණු මත තවදුරටත් මේ සෙවීම පිළිබඳ ආකර්ෂණය වූ සයිඩ්ස් මීළඟට තීරණය කරන්නේ ගංගාවේ කිමිදෙමින් සාක්ෂි සොයා බැලීමටයි. කිමිදුම් උපකරණ සමග මීළඟ අවස්ථාවේදී ගංගාවේ කිමිදෙන සයිඩ්ස් එක්වරම පුදුමයෙන් කෑ ගසන්නේ ගංගාවේ පත්ලේ දිරාපත් වෙමින් පවතින මෝටර් රථයක් පැහැදිලිවම දර්ශනය වීමෙන් පසුවය.

“මට මගේ ඇස් අදහාගන්නට බැහැ. මම මේ දකින්නේ මෝටර් රථයක්. .. පැහැදිලිවම ඒ මෝටර් රථයක්.. මේ අබිරහස මම විසඳුවා කියලා මට හිතෙනවා. දැන් තියෙන්නේ මෝටර් රථයේ ඇතුළතට එබී බැලීම පමණයි….“

යූ ටියුබ් නිසා විසඳුණු වසර වි

ගං පතුලේ මඩවලින් වැසී යමින් පැවති මෝටර් රථය ප්‍රථමවරට දුටු වහාම සයිඩ්ස් එසේ පවමින් කෑ ගැසූ බව ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා පවසා තිබේ. කෙසේ වුවද සයිඩ්ස්ගේ මග පෙන්වීම මත ගංගාවේ ගිලී තිබූ මෝටර් රථය ගොඩට ගැණුනු අතර අවාසනාවකට මෙන් එහි අභ්‍යන්තරයේ පැවති දිරා යමින් පැවති මිනිස් ශරීර කොටස් මේ වසර 21කට පෙර සැඟව ගිය අබිරහසක අවසානය බවට සාක්ෂි සැපයීය.

“මේ මෝටර් රථය ගොඩට ගැනීම මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. හැබැයි ඒ අවස්ථාවේදී මට දැඩි සතුටක් වගේම දුකකුත් දැනුනා. අබිරහස විසඳන්න ලැබීම ගැන මම සතුටු වුණත්, ඒ සමගින් තරුණ ජීවිත දෙකක අවසානය තහවුරු වීම ගැන මට දැනුනේ දුකක්. කොහොම වුණත් ඔවුන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට ලැබීම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නම් සැනසීමක් ගෙන දෙන්නට ඇති…“

මේ මෝටර් රථය ගොඩට ගැනීමේ අවස්ථාව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සයිඩ්ස් පවසා සිටියේ එවන් අදහසක්. කෙසේ වෙතත් මේ සිදුවීමත් සමගින් සයිඩ්ස්ගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව නම් වේගයෙන් ඉහළ ගිය බව සඳහන්. 

78 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14