වසර මිලියන 75කට පෙර වඳවී ගිය සත්වයෙකුගේ අවසන් ආහාරය ගැන අනාවරණයක්

වසර මිලියන 75ක් පැරණි ටිරන්නෝසෝරයෙකුගේ (tyrannosaur) අවසන් ආහාරය පිළිබඳ විද්‍යාඥයින් විසින් නවතම හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම ආහාරය වී ඇත්තේ ඩයිනෝසර පැටවුන් දෙදෙනෙක් බවයි අනාවරණ වී ඇත්තේ.

පර්යේෂකයන් පවසන්නේ ටිරන්නෝසෝර සත්වයා සහ අනුභව කළ කුඩා ජීවීන් සංරක්ෂණය කිරීම මෙම විලෝපිකයන් ජීවත් වූ ආකාරය පිළිබඳ තොරතුරු සෙවීමට නව මාවතක් විවර වන බවයි.

කැල්ගරි විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පැවසුවේ ටිරන්නෝසෝරයන් වැඩෙන විට ඔවුන්ගේ ආහාර රටාව වෙනස් කළ බවට මෙය ස්ථිර සාක්ෂියක් බවයි.

මෙම විශේෂිත සත්වයා මිය යන විට වයස අවුරුදු හතක් පමණ වී ඇති අතර එහි වර්ධනය අනුව යෞවන සත්වයෙකුට සමාන වන බව සඳහන්. මිය යන විට බර කිලෝග්‍රෑම් 330ක් පමණ වී ඇති අතර සම්පූර්ණයෙන් වැඩුණු වැඩිහිටි සත්වයෙකුගේ යෙකුගේ බරින් දහයෙන් පංගුවක් පමණ වනවා.

සයිටිප්ස් ලෙස හඳුන්වන කුඩා පක්ෂීන් වැනි ඩයිනෝසෝරයන් දෙදෙනෙකුගේ පසුපස පාද එහි කුස තුලින් හමුවී තිබෙනවා.

ඒ අනුව යොවුන් වියේ ටිරන්නෝසෝරයන් තරුණ ඩයිනෝසෝරයන් දඩයම් කළ බවට අනුමාන කළ හැකි බවයි මෙම අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥයෙකු වන ආචාර්ය සෙලෙනිට්ස්කි ප්‍රකාශ කළේ.

ටිරන්නෝසෝරයන්ගේ දත්වලට ගැලපෙන විශාල ඩයිනෝසරයන්ගේ ඇටකටුවල සපාකෑම් සලකුණු ඇතුළුව පෙර සාක්ෂි මාලාවක්, ඉතා විශාල ශාක අනුභව කරන ඩයිනෝසෝරයන්ට පහර දී ආහාරයට ගත් ආකාරය පිළිබඳ පින්තූරයක් ගොඩනඟා ගැනීමට විද්‍යාඥයින්ට ඉඩ ලබා දී තිබෙනවා.

රෝයල් ටයිරෙල් කෞතුකාගාරයේ පැලියන්ටොලොජි හි ආචාර්ය ෆ්‍රැන්කොයිස් තෙරියන්, මෙම වැඩිහිටි ටිරන්නෝසෝරයන් විස්තර කළේ ඉතා නොසැලකිලිමත් ලෙස අනුභව කරන්නන් ලෙසටයි.

එහෙත්, ආචාර්ය සෙලෙනිට්ස්කි තවදුරටත් පැවසුවේ, මෙම කුඩා, නොමේරූ ටිරන්නෝසෝරයන් කිලෝග්‍රෑම් දහස් ගණනක් බරැති අං සහිත ඩයිනෝසරයන් සමූහයකට පැනීමට සූදානම් නැති බවයි.

මෙම සත්ව ෆොසිලය 2009 වසරේ දී මුලින්ම සොයාගනු ලැබුවේ ඩයිනොසෝර විමර්ශකයන්ගේ ජනප්‍රිය පළාතක් වූ ඇල්බර්ටා බැඩ්ලන්ඩ්ස් ප්‍රදේශයෙන්.

පර්වතයක තැන්පත්ව තිබූ එය සකස් කිරීමට වසර ගණනාවක් ගත වූ අතර ඇතුළත ගොදුරක් ඇති බව මුලින්ම පැහැදිලි වී තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51