spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර දෙකකට පසු ඇන්ඩ්‍රේ රසල් යළිත් කොදෙව් සංචිතයට

2021 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඇන්ඩ්‍රේ රසල් යළි බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැඳවා තිබෙනවා.

එංගලන්තය සමඟ ලබන සතියේ කැරිබියන්හි දී ආරම්භවීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඔහු මෙලෙස කොදෙව් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි රසල් පසුගිය මාසය පුරාවටම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියේ අබුඩාබි T10 තරගාවලියට එක්වෙමින්.

එංගලනත්යට එරෙහි මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කොදෙව්වන් විසින් නම්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිළේ නායකත්වයේ රොව්මන් පවෙල් කටයුතු කරන අතර, ෂායි හෝප් උපනායකයා ලෙස නම්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

රොව්මන් පවෙල් (නායක), ෂායි හෝප්, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ශිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, අල්සාරි ජෝශප්, බ්‍රැන්ඩන් කිං, කයිල් මේයර්ස්, ගුඩකේෂ් මෝටි, නිකලස් පූරන්, ඇන්ඩ්‍රේ රසල්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂර්ෆාන්ර දර්ෆර්ඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?