වසර තුනකට පසු නෙදර්ලන්තයෙන් ලැබුන තෑග්ග

පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් ලැබී තිබෙනවා.

දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළේ සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ මෙම සත්වයා ලැබුණු බවයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත සතුන් ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගය විදේශීය සත්වෝද්‍යාන සමඟ සත්ත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

මේ මඟින් දෙපාර්තමේන්තුවේ සත්ත්ව විශේෂ සංඛ්‍යාව ඉහළ නැංවීම, නව ජාන එකතු කිරීම තුළින් අභිජනන වැඩසටහන් විධිමත් කර නිරෝගී සත්ත්ව පරම්පරාවක් ඇති කිරීම අරමුණු කරනු ලබනවා.

ඒ අනුව 2019 වසරින් පසුව ඇතිවූ කොවිඩ් 19 ව්‍යාප්තියක් සමඟ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ, ජාත්‍යන්තර සත්ත්ව හුවමාරු වැඩසටහන් වසර තුනකට ආසන්න කාලයක් නතර වූ අතර ඒ හරහා දෙහිවල සත්වෝද්‍යාන වෙත ලැබීමට නියමිත වූ සත්ත්වයින් කෙටිකාලීනව නතර කිරීමට ද සිදුවී තිබුණා.

නැවතත් ජාත්‍යන්තර හුවමාරු කටයුතු යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය වෙත ලැබීමට නියමිත වූ පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්ත්වයෙකු ඊයේ (26) ලබා ගැනීමට හැකි වූ බවයි එම සත්වෝද්‍යානය නිවේදනය කළේ.

නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයේ (Best Zoo) පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම පිරිමි සත්ත්වයා දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිටින කලු ජගුවර්ගේ සහයකයා ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

දැනට දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ජගුවර් ගැහැණු සත්ත්වයාද 2019 වසරේ නෙදර්ලන්තයේ රෝයල් ආ(ර්)ටිස්ට් සත්වෝද්‍යානයේ සත්ත්ව හුවමාරු වැඩසටහන හරහායි ලැබී ඇත්තේ.

දැනට පිරිමි ජගුවර් සත්ත්වයා නිරෝධායන කිරීමේ මධ්‍යස්ථානයේ තබා තිබෙන අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කර ඉදිරියේදී කලු ජගුවර් සිටින ස්ථානයට ගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.

ඒ අනුව ජගුවර් පවුල නුදුරේදීම දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි දෙහිවල සත්වෝද්‍යානය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29