වසර එකහමාරකට පෙර සොරකම් කළ වාලම්පූරියක් ළිඳකින් මතුවෙයි (වීඩියෝ)

දැනට වසර එකහමාරකට පමණ පෙර දොඩංගොඩ ඇළඳූව විහාරස්ථානයේ තිබී සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේ ම ළිඳකින් හමු වී තිබෙනවා.

මෙම වාලම්පුරිය කවුරුන් හෝ විසින් සොරකම් කරන ලද බවට වන පැමිණිල්ලක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබීමත් සමග දිගු කලක සිට සිදු කරන ලද විමර්ශනයක දියි විහාරයේ ම ළිඳකින් මෙය සොයාගෙන ඇත්තේ.

වාලම්පුරිය සොරකම් කළ බවට සැක කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරුගේ නිවස අවස්ථා කිහිපයකදීම පොලිසිය පැමිණ පරීක්ෂා කළ සොයා ගැනීමට හැකි වී නැහැ.

පසුව ඊයේ (03) දිනයේ දී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට දූරකථන ඇමතුමක් ලැබී ඇති බවත් ඉන් පවසා ඇත්තේ අදාළ වාලම්පුරිය විහාරස්ථානයේ ළිං පතුලෙන් හමු වූ බවටයි.

ඉන් අනතුරුව පොලිසිය පැමිණ වාලම්පුරිය ළිඳෙන් ගොඩගෙන ඇති බවත් එය සොරකම් කරන ලද වාලම්පුරිය බවත් විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වාලම්පුරියේ පිටත අලංකරණය සඳහා මැණික් ගල් ඔබ්බවා තිබූ අතර මේ වන විට එම සොරකම සිදු කරන ලද පුද්ගලයා එම මැණික් ගල් ගලවාගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14