වසර අවසන් වීමට පෙර අනිවාර්යයෙන් ම ජනපතිවරණයක් පැවැත්විය යුතුයි

මෙම වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

දසත ප්‍රවෘත්ති අප කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ කෙසේ හෝ මෙම වසර නිමා වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්‍යය බවයි.

7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් 2022 වර්ෂයේ ජුනි මස 16 වැනි දින ඉල්ලා අස්වුණා.

ඒ ඔහුට විරුද්ධ ව රට පුරා නැගි සිවිල් ජන අරගල හේතුවෙන්.

ඉන් පසුව ඔහුගේ ධුර කාලය අවසන් කරලීම සඳහා වැඩ බලන ජනාධිපතිවරයෙක් වශයෙන් සාමූහික වගකීම් ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ පත්වුණා.

පසුව නිල වශයෙන් පාර්ලිමේන්තුව මගින් හෙතෙම මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පිළිගත්තේ ගෝඨාභය රාජපක්ෂගෙන් හිස් වූ ඉතිරි ධුර කාලය සඳහා රටේ නායකත්වය ගෙන කටයුතු කිරීමටයි.

ඒ අනුව 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී මෙරට 69 ලක්ෂයක ජනතා මනාපයෙන් තේරී පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය මෙම වසරේ නොවැම්බර් මස 10 වැනි දිනෙන් අවසන් වීමට පෙර නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්‍යය වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32