වසරේ ගෙවුණු කාලය තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 67 දෙනකු ඝාතනයට ලක් වෙලා – පස් දෙනෙකුම පාකිස්ථානයෙන්

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, රාජකාරියේ යෙදී සිටියදී වසරේ මේ දක්වා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගණන 67ක් ලෙස වාර්තා වනවා.ඊට පාකිස්ථාන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ද අයත්.
ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය නැවත වරක් සියලු රටවලින් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

පසුගිය වසරේ ලොව පුරා මාධ්‍යවේදීන් 47 දෙනෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වූ අතර ඒ අනුව 2022 වසරේ දී ඝාතනය කරන ලද හෝ සිරගත කරන ලද මාධ්‍යවේදීන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයට අනුව 2022 දී ජීවිත අහිමි වූ පකිස්ථාන මාධ්‍යවේදීන් වන්නේ හස්නයින් ෂා, සියුර් රෙහ්මාන් ෆාරුකි, ඉෆ්තිකාර් අහමඩ්, මුහම්මද් යුනිස් සහ සදාෆ් නයීම් යන පිරිසයි.
ඒ අනුව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ මහලේකම් ඇන්තනි බෙල්ලන්ගර් අවධාරණය කරන්නේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සිය සම්මේලනයේ සම්මුතිය පිළිබඳ ඡන්ද විමසීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කඩිනමින් කළ යුතුව ඇති බවයි.
මාධ්‍යවේදීන්ගේ සහ අනෙකුත් මාධ්‍ය සේවකයින්ගේ ඝාතන වැඩිවීම කනස්සල්ලට හේතුවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනුවලින් එකක් වන ජනමාධ්‍යවේදය ආරක්ෂා කිරීම සඳහා සියලු රටවල් පියවර ගත යුතු බවත් බෙලන්ගර් පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලන වාර්තාව පෙන්වා දෙන්නේ මාධ්‍ය නිහඬ කිරීම සහ නිදහස සඳහා වූ විරෝධතා මර්දනය චීනයේ සිට බෙලරුස් දක්වාත්, ඊජිප්තුවේ සිට හොංකොං, ඉරානය, මියන්මාරය, තුර්කිය සහ රුසියාව දක්වාත් අප්‍රසන්න ලෙස හිස ඔසවා ඇති බවයි.

අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 375 දෙනෙකු මෙම වසරේ දී මර්දනයට ගොදුරු  වී ඇති අතර එය සිරගත කරන ලද මාධ්‍යවේදීන්ගේ ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දා සිට සැලකීමේදී ගෙවුණු වසර දෙකට සාපේක්ෂව ඉහළ  මට්ටමක්. චීනය සහ හොංකොං හි මාධ්‍යවේදීන් 84 දෙනෙකු සිරගතව සිටින අතර, මියන්මාරයේ 64ක්, තුර්කියේ 51ක් ඉරානයේ 34ක්, බෙලරුසයේ 33ක්, ඊජිප්තුවේ 23ක්, රුසියාව සහ ක්‍රිමියාව යන රටවල  29ක් ,සෞදි අරාබියේ 11ක්, යේමනයේ 10ක්, සිරියාවේ 9ක් සහ ඉන්දියාවේ 7ක් ලෙසින් සටහන් වී තිබෙනවා.

ප්‍රවීණ අල් ජසීරා මාධ්‍යවේදිනී ශිරීන් අබු අක්ලේට මහ දවල් වෙඩි තැබීම ඇතුළුව මැදපෙරදිග සහ අරාබි ලෝකයේ  මාධ්‍ය වෘත්තිකයන්ගේ ඝාතන ගණන සැලකීමේදී පසුගිය වසරේදි එය තුනේ සිට පහ දක්වා ඉහළ ගොස් තිබුණා.

චැඩ් සහ සෝමාලියාවේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් ගණන හතරක්.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ  ‘මරා දැමූ ලැයිස්තුව’ට අනුව  ඇමරිකාව (29), ආසියා පැසිෆික් (16), යුරෝපය (13) සහ මැදපෙරදිග සහ අරාබි කලාපයෙන් පසු අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ අප්‍රිකාවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27