වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයට හසරංග සහ මෙන්ඩිස් නිර්දේශ වෙයි

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රකාශයට පත්කළ මෙම නිර්දේශිත නම් හතර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග ඇතුළත්.

ඔවුන් දෙදෙනාට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂර්ෆන් රදර්ෆර්ඩ් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක අසමතුල්ලාහ් ඔමර්සා ද නම්කර තිබෙනවා.

2024 වසරේ දී ක්‍රීඩකයින් එක්දින පිටියේ දැක්වූ දක්ෂතා මත මෙම නම් නිර්දේශ කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග මේ වසරේ එක්දින තරගවලදී ලකුණු 87ක් ලබාගැනීමට සහ කඩුලු 26ක් දවාගැනීමටයි සමත්ව ඇති අතර, අසමතුල්ලාහ් ඔමර්සායි එක්දින ඉනිම් 12ක් තුළ ලකුණු 417ක් රැස්කරගෙන ඇති අතර කඩුලු 07ක් දවාගෙන තිබෙනවා.

මෙම වසරේ ක්‍රීඩා කර ඇති එක්දින ඉනිම් 17ක දී කුසල් මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 742ක්.

බටහිර කොදෙව්හි ෂර්ෆන් රදර්ෆෝඩ් මෙම වසරේ දී දික්දින ලකුණු ලකුණු 425ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21