spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසරකට ලාංකිකයින් ලක්ෂ 3ක් විදෙස් ගත වෙයි

වසරකට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3 ඉක්මවන පිරිසක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්ප්පෙරුම පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වී ඇති බව මෙයින් පිළිඹිබු වන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ 2022 වර්ෂයේ සිට විදේශ රැකියා සඳහා පිටත්වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශයේ දත්ත ලේඛනවලට අනුව මාසික සාමාන්‍ය සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 25,000 ඉක්මවා ඇති අතර ඉන් වැඩි පිරිසක් වෘත්තිකයන් සහ නිපුණතාවයන් සහිත ශ්‍රී ලංකාකිකයන්.

සංක්‍රමණික සේවක‍යින්ගෙන් 85%ක් පමණ සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලයි.

මේ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ගෙන් පිරිමින් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 25-29 කාණ්ඩයේ පසුවන අතර කාන්තාවන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 40 – 44 වයස්වල පසුවනවා.

කෙසේ වෙතත් මිලියන 22ක පමණ ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ආර්ථීක අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක මෙරට ශ්‍රම බලකාය විදේශ රැකියාවලට යොමු වීමෙන් රටෙහි ප්‍රගමනයට අහිතකර බලපෑමක් නොවේද?

ඉදිරියේදී රටෙහි පවතින ශ්‍රම බලකා‍යෙහි විශාල හිඩැසක් ඇතිවීම මගින් රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද විශාල බලපෑමක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්ප්පෙරුම අවධාරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?