වසරකට ලාංකිකයින් ලක්ෂ 3ක් විදෙස් ගත වෙයි

වසරකට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3 ඉක්මවන පිරිසක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්ප්පෙරුම පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වී ඇති බව මෙයින් පිළිඹිබු වන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය හමුවේ 2022 වර්ෂයේ සිට විදේශ රැකියා සඳහා පිටත්වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශයේ දත්ත ලේඛනවලට අනුව මාසික සාමාන්‍ය සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 25,000 ඉක්මවා ඇති අතර ඉන් වැඩි පිරිසක් වෘත්තිකයන් සහ නිපුණතාවයන් සහිත ශ්‍රී ලංකාකිකයන්.

සංක්‍රමණික සේවක‍යින්ගෙන් 85%ක් පමණ සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලයි.

මේ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන්ගෙන් පිරිමින් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 25-29 කාණ්ඩයේ පසුවන අතර කාන්තාවන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 40 – 44 වයස්වල පසුවනවා.

කෙසේ වෙතත් මිලියන 22ක පමණ ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ආර්ථීක අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක මෙරට ශ්‍රම බලකාය විදේශ රැකියාවලට යොමු වීමෙන් රටෙහි ප්‍රගමනයට අහිතකර බලපෑමක් නොවේද?

ඉදිරියේදී රටෙහි පවතින ශ්‍රම බලකා‍යෙහි විශාල හිඩැසක් ඇතිවීම මගින් රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයටද විශාල බලපෑමක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්ප්පෙරුම අවධාරණ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46