spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ මානව හිමිකම් කොමිසමට (විඩියෝ)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තමා අත්අඩංගුවට ගෙන චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිට තම මානම හිමිකම් කඩ වූයේ යැයි පවසමින්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ කියා සිටියේ අගෝස්තු මාසයේ සිට කිසිදු චෝදනාවක් නොමැතිව තමා සිරභාරයට ගෙන රඳවා තබාගෙන සිටි බවයි.

තමා මෙහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් වරයා, පොලිස්පති, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා

රටේම ඡනතාවගේ මානව හිමිකම් කඩ කළ රජය තමා ගේ මානව හිමිකම් ද අමු අමුවේ උල්ලංඝනය කළ බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මෙහිදී කියාසිටියේ.

https://youtu.be/Y_a8tsAX82k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?