spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතර ඇති වූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළවයි.

පොලිසිය සඳහන් කළේ 2020 වසරේ පෙබරවාරි මස 20 වනදා පැවති විරෝධතාවයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පීඩාකාරී ලෙසට හැසිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් අලුත්කඩේ අංක 01 අධිකරණය වෙත පවරා තිබූ නඩුවකට පසුගිය මැයි මස 29 වනදා පෙනී නොසිටීම සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

වසන්ත මුදලිගේට අමතරව අදාළ චෝදනාවට ඉන්දික විදානපතිරණ නම් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලස් පාර ප්‍රදේශයේදීයි. ඔවුන් දෙදෙනා හෙට අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
1
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?