වසංගතය අස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ‘සමට’ වෙන්න යන දේ මෙන්න

කොරෝනා වසංගතයත් සමඟ ඇතිවී තිබෙන මානසික පීඩනය හේතුවෙන් ජනතාව තුළ සමේ රෝග වැඩිවිමේ ප්‍රවනතාවයක් දක්නට ඇති බව ඇල්පිටිය මුලික රෝහලේ සමේ රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා පවසනවා.

ලෝක චර්මිය රක්තදිනය නිමිත්තෙන් අද (14) ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බව සදහන් කළා.

 විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රසන්න කන්නන්ගර වැඩිදුරටත් පවසා සිටියේ “අපේ රටේ ජනගහනයෙන් සියයට 30ක් 40ක් විතර චර්ම රෝගවලින් පෙලෙනවා. විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් සමග ඇතිවි තිබෙන මානසික පිඩනය නිසා රක්තය, පොතුකඹර රෝග කුරුලෑ, කාන්තවන්ගේ හිස කෙස් යාම වැනි සමේ රෝගවල වැඩිවිමේ ප්‍රවනතාවයක් දක්නට තියෙනවා.”

විශේෂඥ අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් කියා සිටියේ ලෝක චර්මිය රක්තදිනය 2018 වර්ෂයේ දී ආරම්භ වු බවත් මෙවර එය පැවැත්වෙන්නේ සිව්වැනි වතාවට බවයි. අප රටේ මෙය හැදින්වෙන්නේ චර්මිය රක්තව හා තද කුෂ්ඨ ලෙසට බවද ඒ මහතා සඳහන් කළා.

 “ලොව පුරා සිටින මිලියන 230කට අධික ජනතාවක් මෙම රෝගය නිසා පීඩා විඳිනවා.  මෙම රෝගය ළදරු ළමා තරුණ, වැඩිහිටි ඕනැම අවදියකදී දැකිය හැක. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අධික ලෙස කැසිම සහිත රතු පැහැති ලප කැසිම නිසා මෙම ස්ථාන ගොරෝසු ආකාරයක් දැකිය හැකියි. ළදරුවන්ගේ කම්මුල් හා ගෙල ආශ්‍රිත ප්‍රදේශවල  දරුවන්ගේ උණහිස වැලමිටි ආශ්‍රිත ප්‍රදේශවල  වැඩිහිටියන්ගේ ශරිරයේ ඕනැම තැනක මෙම රෝගය දැකිය හැකියි. 

මෙම රෝගය නිසා කායිකව හා මානසිකව  විශල  ගැටළුවක් එල්ලකරණවා. ලෝක චර්මිය රක්ත දිනයේ ප්‍රධාන අරමුණ තමයි ලෝවපුරා සිටින. චර්මිය රක්තරෝගින් හා ඔවුන් රැකබලාගන්නා අය දැනුවත් කිරිම හා ඔවුන්ට රැකවරණය ලබාදිම. 

වෛද්‍ය ක්ෂේත්‍රවල සිටින අය මෙම රෝගය පිළිබද දැනුවත් කිරිම  හා අදාල තිරණ සදහා යොමුකිරිම තවත් අරමුණක්. පසුගිය වසර දෙක තුල රෝගින් සදහා සායන පැවැත්වුවා. නමුත් මෙවර කොරෝනා වසංගතය නිසා විද්‍යුත් හා මුදිත මාධ්‍යයෙන් රෝගින් දැනුවත් කළා..” ලෙසින්ද එහිදී ශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා පවසා සිටියා.

මුලික රෝහල්, ශික්ෂණ රෝහල්, මහ රෝහල් යන සැම රෝහලකම සමේ රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සායන ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සායනවලට සහභාගී වී  මෙම රෝගය පාලනය කරගත හැකි බවයි.

(ලලිත් චාමින්ද – ගාල්ල)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46