spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ ළිඳකින් කතකගේ මළ සිරුරක් සොයාගනී (ඡායරූප)

වවුනියාව, කුරුමන්කාඩු, කාලි කෝවිල වීදිය ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද (30) දින සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

මෙම මළ සිරුර 29 හැවිරිදි ජෙනිටා නමැති කාන්තාවකගේ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර, මියගිය කාන්තාව හා ඇයගේ හත් හැවිරිදි දරුවා ස්වාමිපුරුෂයාගේ ඥාතීන් ද සමඟ ඔවුන්ගේ නිවසේ ජිවත්ව තිබෙනවා.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතයි.

මෙම මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Vavuniya 1
Vavuniya 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?