spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වවුනියාවේ දී වෛශ්‍යාවන් ඇසුරු කළ අයට අනතුරු ඇඟවීමක්

ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරමින් සිටිය දී වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් හත්දෙනෙකුට සමාජ රෝග වැළඳී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග සදහන් කරනවා.

ඒ, අනුව එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වූවන් වෙතොත් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙස වවුනියාව සෞඛ්‍ය නිලධරීන් දැනුම් දෙනවා.

මෙහිදී අදාළ කාන්තාවන්ට ගොනොරියාව හා හපිස් වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ඔවුන් වවුනියාව නගරයේ දී සහ තේක්කවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සිටී නම් වහාම වවුනියාව රෝහලේ HIV මර්ධන ඒකකය වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
22
+1
189
+1
26
+1
24
+1
15
+1
45
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?