Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වරෙන්තු නැතිව නිවස සෝදිසි කළාට දේශබන්දුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 18 වැනි දින එම නිවස පරීක්ෂා කළ බව ද එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයා ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට භාර දුන් බව ද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.