spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරාය සේවකයෝ වරාය පිවිසුම වටලයි – වෛද්‍යවරු සහ බැංකු සේවකයි කළු ඇඳගෙන සේවයට

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක්
අද (23) කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල දී පැවැත් වුණා.

විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් අද (23) කළු ඇඳුමින් සැරසී, කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

ඒ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (23) සිට ආරම්භ කළ සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කරමින්.

එමෙන්ම මීට සහාය පළකරමින් බැංකු සේවකයින්ද කළු ඇඳුම්වලින් සැරසී අද දිනයේ සේවයට වාර්තාකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?