වරාය නගර පරිශ්‍රයේ සාදයක් අතර ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඊයේ (17) රාත්‍රියේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 25ක් පමණ වන තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

පෝට් සිටි පරිශ්‍රයේ කිසියම් පිරිසක් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් මෙම තරුණයා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔහු අද (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොළඹ වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.