spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරාය නගරයේ කෘතීම වෙරළ ජනතාවට විවෘත වෙයි

වරාය නගරය තුළ ඉදි වූ කෘතීම වෙරළ තීරය අද ජනතාවට විවෘත කෙරුණා.

කිලෝමීටර් 2කට වැඩි දිගකින් යුත් මෙම වෙරළ තීරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසකින් ද සමන්විතයි.

වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර ඒ සඳහා කිසිදු අයකිරීමක් සිදු කෙරෙන්නේ නැහැ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

ඒ යටතේ අලුතින් ඉදිවන වෙරළ තීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතාවට විවෘත වූ අතර එහි ඉතිරි කොටසයි මෙලෙස ජනතාවට විවෘත කෙරුණේ.

පවුලේ සැමට එක්ව විනෝද වීමට පහසුකම් මෙහි සළසා තිබෙන අතර දෙස් විදෙස් අවන්හල්වලින් ද මෙම පරිශ්‍රය සමන්විතයි.

නැරඹීමට පැමිණෙන පිරිසට ජල ක්‍රීඩා කිරීමට පහසුකම් ද එම ස්ථානයේ සළසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?