වර්ජනය මැද කාගේත් අවධානය මැද පස්සර රෝහලේ ඉපදුණු නිවුන් බිළිඳුන් (ඡායාරූප)

වෙදඳුරන්, හෙද හෙදියන් මෙන්ම, ගුරුවරුන් මිනිස් ජීවිතයක පැවැත්ම උදෙසා කරන මෙහෙවර සුළු පටු එකක් නොවේ.

වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට පිරිසක් රෝගී ජීවිත දින ගණනාවක් පීඩාවට පත් කරද්දී සැබෑ මිනිස්කමේ අගය හඳුනා ගත් සෞඛ්‍ය වෘත්තීකයන් පිරිසක් පිළිබඳව මේ පුවත අපට වාර්තා වන්නේ බදුල්ල මහරෝහලෙන්.

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් හි වෘත්තීය සමිතිවල වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇති මොහොතක පස්සර දිසා රෝහලට ඇතුළත් කළ ගර්භනී මවක් නිවුන් දරු උපතක් සිදුකළා.

ඒ ප්‍රසූතියට නියමිත කාලය සම්පූර්ණ වීමට පෙරයි. එහෙත් පස්සර දිසා රෝහලේ නොමේරූ ළඳරු දැඩි සත්කාර ඒකකයක් නොමැති නිසා බිළිඳුන්ගේ ජිවිත අවදානමකට පත්ව තිබුණා.

ඒ අනුව, එහි වගකීම තේරුම් ගත් පස්සර දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා විසින් ඒ පිළිබඳව බදුල්ල මහරෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

දරු සෙනෙහස වෙනුවෙන් වහා ක්‍රියාත්මක වූ බදුල්ල මහරෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු තම පෞද්ගලික මෝටර් රථයෙන්ම මෙම දරුවන් ජීවත් කරවීමට අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ ද රැගෙන මිනිත්තු 20 ක් තුල බදුල්ලේ සිට පස්සර මහරෝහල වෙත ගොස් තිබුණා.

ඒ අනුව දැඩි ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිටි බිළිඳුන් දෙදෙනාට ශ්වසන උපකරණ සවි කිරීමෙන් පසු කෘත්‍රිම ශ්වසනය ලබා දී වෛද්‍යවරයා ද සහිතව ගිලන් රථයක් බදුල්ල මහරෝහල වෙත ළගා වුණා.

සේවය මනාව තේරුම් ගත් මෙම සෞඛ්‍ය සේවකයන් නිසා අද එම බිලිඳුන් දෙදෙනා ජීවන හුස්ම ලබා සුරක්ෂිතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33