වර්ජනය පැවති දිනයේ අධිවේගයේ ආදායම කෝටි 2 ඉක්මවයි

අධිවේගී මාර්ගවල සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය හමුවේ වුව ද ත්‍රිවිද හමුදා සාමාජිකයන් යොදවා මුදල් අය කිරීම හමුවේ රුපියල් දෙකෝටිය ඉක්මවූ ආදායමක් ලැබුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඊයේ (22) පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල පමණක් රුපියල් 21,044,755ක ආදායමක් ලැබී ඇති බවයි.

අධිවේගී මාර්ග කාර්ය මණ්ඩලය විසින් අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර ඉවත් කිරීමට කටයුතු කර තිබීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට විකල්ප ක්‍රම යොදාගෙන තිබුණා.

එය සියලු අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලදී අනුගත වෙමින් පෙරවරු 9ට පමණ ක්‍රමවත් පරිදි ගාස්තු අය කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියාසිටියේ.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් පෙරවරු 9ට පමණ මුදල් අයකිරීම ආරම්භ කර පස්වරු 7 දක්වා මෙම ආදායම ලැබූ අතර සේවක වර්ජනය පැවතිය ද ආදායමේ වෙනසක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරනවා.

මුදල් අයකැමියන්ගේ සේවයෙන් වර්ජනයට පෙර දිනය වූ 21 වනදා පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා රුපියල් දෙකෝටි තිස්ලක්‍ෂයකට (23,028,700) අධික ආදායමක් පමණක් ලබා තිබෙනවා. පසුගිය සතියේ බදාදා (15) පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට (22,877,500) අධික ආදායමක් ලැබූ බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මුදල් අයකැමියන්ගේ සේවය යටතේ 21 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 7 දක්වා රුපියල් 21,107,3500කට අධික ආදායමක් ද, පසුගිය බදාදා (15) වැනිදා පෙරවරු 8 සිට පස්වරු 7 දක්වා රුපියල් 21,030,900 අධික ආදායමක් ලැබූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියේ දෛනික ආදායමේ සාමාන්‍ය රුපියල් කෝටි දෙකහමාරක් පමණ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩිදුරටත් කියාසිටියේ.

Report Expressway Operation on 22.11 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14