වර්ජනය අදත් ක්‍රියාත්මකයි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රජයට රතු එළි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුව ද; කාර්යාලයී දුම්රිය 35ක් අද (11) දිනයේ දී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට තමන් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවටයි දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කළේ.

ඒ සිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින්.

වාර්ෂිකව සිදු විය වැටුප් වැඩි නොවීම් සහ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු සිදු නොකිරීම ආදී ගැටලු කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වර්ජනය සිදුවූයේ.

පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ මෙම වර්ජනය හේතුවෙන් ඊයේ උදෑසන සිට කාර්යාල දුම්රිය ධාවනය නොවූ අතර; ඒ හේතුවෙන් මගී ජනතාව මෙන් ම පාසල් සිසුන් දැඩි අපහසුතාවකට පත් වුණා.

මේ හේතුවෙන් ඊයේ පෙරවරු 10ට පමණ වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දහවල් 12 වනවිට සියලු ම දුම් රිය ස්ථානාධිපතිවරුන් ළඟම ඇති දුම් රිය ස්ථානයක සේවයට වාර්තා කළ යුතු බවත්; පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක වර්ජනය කිරීම විනය විරෝධී බවයි.

තවදුරටත් වර්ජනය කරන්නේ නම්, නියත වශයෙන් ම ඔවුන් සේවය පැහැර ගියා සේ සලකන බවට ද එම අවසන් සිහි කැඳවීම් ලිපියේ සඳහන් වුණා.

කෙසේවෙතත් මෙම අවසන් සිහි කැඳවීමේ ලිපිය සම්බන්ධයෙන් ද ඊයේ දිනයේ දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය විරෝධය පළ කළා.

ඔවුන් පැවසුවේ කෙතරම් ලිපි එවීම් සිදු කෙරුණ ද රැකියාව අහිමි වුව ද වර්ජනය අත් නොහරින බවයි.

මෙවන් පසුබිමකදියි අද දිනයේ දී ත් වර්ජනය ක්‍රියාත්මක පසුබිමක කාර්‍යාල දුම්රිය 35ක් ධාවනය කෙරෙන්නේ.

මේ අතර වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට එරෙහි ව නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් නිකුත් කරනු ලැබුවා.

ඔවුන් එහි සඳහන් කරන්නේ රට තුළ පවතින ආර්ථික දුෂ්කරතාව හා ආයතනික මට්ටමින් පවතින පරිපාලන ගැටලු මුල් කර ගනිමින් රාජ්‍ය සේවයේ විවිධ වෘත්තිකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ග කරා එළඹීම මෙම කාලවකවානුව තුළ බහුලව සිදුවෙමින් පවතින බවයි.

එලෙස තම වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහා පාලක පක්ෂය වෙතින් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් සාමූහික කේවල් කිරීම මත වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට නිදහසක් වෘත්තීය සමිති ආඥා පනත මගින් ද වෘත්තීය සමිති හා වෘත්තිකයින් වෙත නිදහස ලබා දී තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පෙරේදා (09) දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට යෙදුණු වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් කිසිදු අවස්ථාවක් ලබාදීමකින් තොරව අත්‍යවශ්‍ය සේවා නිවේදනයක් පදනම් කරගනිමින් මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කර තිබීම; ස්වාධීන වෘත්තීය සංගමයක් වශයෙන් අප කිසිසේත්ම අනුමත නොකරන අතර එය තරයේම හෙළා දකින බව ද සිය නිවේදනයෙන් අවධාරණය කර සිටිනවා.

එබැවින් වෘත්තීය සමිති මර්දනය සම්බන්ධයෙන් රජය සහ පාලක පක්ෂය විසින් අතනෝමතික අයුරින් වෘත්තීය සමිති ආඥාව පනත ද අභිබවා යමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහි ව වෘත්තීය සමිති සතුව පවතින පරමාධිපත්‍ය බලය සියලු ම වෘත්තීය සමිතිවල සහයෝගය ලබා ගනිමින් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට නොපැකිළි ව කටයුතු කිරීම අප සංගමයේ ස්ථාවරය බවයි දුම් රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහන අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍යතුමා ,
ප්‍රවාහන ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාවරයාට යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39