වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් තරුණයාගේ මරණයට වගකිව යුතු බව ඇමති බන්දුල කියයි (වීඩියෝ)

අද පෙරවරුවේ හොරපේ ප්‍රදේශයේදී තරුණයෙකු දුම්රියකින් වැටී මියයාමේ සිද්ධියට වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් 84 දෙනා සෘජුව වගකිව යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත සේවකයින් 84 දෙනෙකුගේ ආත්මාර්ථකාමී ක්‍රියාව හේතුවෙන් තරුණයාට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

සේවක සේවිකාවන් 18,000කට ආසන්න පිරිසක් රාජකාරියේ යෙදී සිටියදී දේශපාලන හෝ ආත්මාර්ථකාමී අරමුණින් සේවකයන් 84 දෙනෙකු වැඩවර්ජනයක් කිරීමට අත්තනෝමතික තීරණයක් ගෙන ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

සිය ගණනක් මගීන් අපහසුතාවයට පත්වන වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට පෙර සාකච්ඡා කරන ලෙස තමන් අවස්ථා කිහිපයකදීම දුම්රිය සේවකයින්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සියලු ගැටළු සාකච්ඡා කරන ලෙසත් එය අසාර්ථක වුවහොත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමටත් සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එම උත්සාහය ද අසාර්ථක වුවහොත් තමන් හමුවන ලෙස දුම්රිය සේවකයින්ට දැනුම් දෙන බවයි ඔහු පැවසුවේ.

දුම්රිය සේවකයින්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම හමුව හෙට පැවැත්වීමට නියමිතයි.

රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබියදීත් කිසිදු දැනුම්දීමකින් තොරව මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සේවකයින් පිරිසක් තීරණය කර ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ වර්ජනය හේතුවෙන් සිසුන්, සේවකයින් සහ සංචාරකයින් ද අපහසුතාවට පත්ව ඇති අතර දුරගමන් දුම්රිය ධාවනයට ද බලපෑම් එල්ල වී ඇති බවයි.

තමන් දැනටමත් කම්කරුවන්ට සියලු ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමට විකල්ප ලබා දී ඇති බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිගත නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

අමාත්‍යවරයා පැවසුවේ සේවකයන් 84 දෙනෙකුගේ වර්ජනය හේතුවෙන් මේ වන විට තරුණයෙකු මිය ගොස් ඇති බවයි.

මෙවැනි ඛේදනීය මරණයක් වළක්වා ගත හැකිව තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියේ මැදිහත්වීමක් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

මහනුවර සිට බලා කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලෙන් වැටී තරුණයෙකු අද පෙරවරුවේ හොරපේ ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්වුණා.

හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටීමෙන් ඔහු දුම්රියෙන් වැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගියා.

ක්‍රියාත්මක වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසන අවම වශයෙන් දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු වී තිබෙනවා.

ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද එල්ලවී ඇත්තේ දැඩි බාධාවක්.

වර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් මගීන් අපේක්ෂා කළ යුතු බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ.

ඒ අනුව රඹුක්කන, හලාවත, කළුතර අලුත්ගම, පානදුර, පාදුක්ක සහ කොස්ගම සිට කොළඹ බලා පිටත් වන දුම්රිය කිහිපයක් අවලංගු කර තිබෙනවා.

මීට අමතරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹින් පිටත්වන දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.

ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොකිරීම, උසස්වීම් ගැටළු ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48