වර්ජනයකින් රාජස්ථාන් හි පෙට්‍රල් ෂෙඩ් වැසේ

රජය විසින් ඉහළ දැමූ බදු අඩු කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාජස්ථාන් හි ඉන්ධන පිරවුම්හල් දෙදින වැඩවර්ජනයක් ආරම්භකර තිබෙනවා.

ඉහළ දැමූ වැට් බද්ද හේතුවෙන් ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දිගින් දිගටම පාඩු ලබන බවයි රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.

ප්‍රාන්තයේ පවතින ඉහළ ඉන්ධන මිල පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් රාජස්ථාන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අද (10) උදෑසන 6.00 සිට ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම වර්ජන ක්‍රියාමාර්ගය අරඹනු ලැබුවා.

මේ අතර පසුගිය වසර 07 තුළ අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල වැඩි වී නොමැති බව ද ඔවුන් පවසනවා.

ඉන්ධන මිල අඩු කරන බවට අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ලබාදී ඇති පොරොන්දුව තවමත් ඉටුව නොමැති බවයි රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජස්ථානයේ ඉන්ධන සඳහා ඉහළම වැට් බද්දක් පනවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57