spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයකින් රාජස්ථාන් හි පෙට්‍රල් ෂෙඩ් වැසේ

රජය විසින් ඉහළ දැමූ බදු අඩු කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාජස්ථාන් හි ඉන්ධන පිරවුම්හල් දෙදින වැඩවර්ජනයක් ආරම්භකර තිබෙනවා.

ඉහළ දැමූ වැට් බද්ද හේතුවෙන් ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දිගින් දිගටම පාඩු ලබන බවයි රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.

ප්‍රාන්තයේ පවතින ඉහළ ඉන්ධන මිල පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් රාජස්ථාන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අද (10) උදෑසන 6.00 සිට ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම වර්ජන ක්‍රියාමාර්ගය අරඹනු ලැබුවා.

මේ අතර පසුගිය වසර 07 තුළ අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල වැඩි වී නොමැති බව ද ඔවුන් පවසනවා.

ඉන්ධන මිල අඩු කරන බවට අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ලබාදී ඇති පොරොන්දුව තවමත් ඉටුව නොමැති බවයි රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

රාජස්ථානයේ ඉන්ධන සඳහා ඉහළම වැට් බද්දක් පනවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?