spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරප්‍රසාද ඇති රාජ්‍ය අමාත්‍යධුර ලැබුනේ නැත්නම් බැසිල්ගේ කණ්ඩායම ජනපතිගේ අයවැයට පයින් ගසයි..?

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහට අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන්ට පෞද්ගලික ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක් සහ සම්බන්ධීකරණ ලේකම්වරු තිදෙනෙක් හිමි වන අතර ඔවුන් පස්දෙනාටම වෙනම වාහන හිමිවේ.

තවද රාජ්‍ය අමාත්‍යවරුන්ට කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු, වාහන තුනක් සහ අමාත්‍යවරුන් භුක්ති විඳින වෙනත් වරප්‍රසාද ද හිමිවේ. එසේම ඔවුන්ගේ වැටුප් ඇමැතිවරුන්ගේ වැටුපට සමානවනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් පත්කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සන්ඩේ ටයිම් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය සකස් කරමින් සිටින බවයි.

පාර්ලිමේන්තුව තුළ තවමත් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?