වරදේ බරපතලකම දැනගෙන දඬුවමක් දෙන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන්ට වැඳ වැටුණු නිලධාරියා

කුඩා දරුවකු යතුරුපැදියේ ඉන්ධන ටැංකිය මතද බිරිය පිටු පස අසුනේද හිඳුවා ගෙන ඉතා අනාරක්‍ෂිත අන්දමින් අධික වේගයෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට හසලක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක් දැඩි ලෙස අවවාද කර තිබෙනවා .

නැවත එවැනි වරදවල් නොකරන ලෙස අවවාද කර යතුරුපැදිකරු පිටත් කර යැවීමට එම පොලිස් නිලධාරියා උපදෙස් දුන්නත් තමන් කළ එම වරදට දඬුවම් ලබා දෙන්නැයි මෙම පුද්ගලයා පොලිස් නිලධාරියා ඉදිරියේ වැඳ වැටී ආයාචනා කර තිබෙන බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ .

යතුරුපැදිකරුද ආරක්‍ෂක අංශයක නිලධාරියකු බව සඳහන්

හසලකට නුදුරු පොලිසියක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප්‍රධාන මාර්ගයක රථවාහන පරීක්‍ෂා කිරීමේ මාර්ග සෝදිසි කිරීමේ රාජකාරියක නිරතවී සිටියදී කුඩා දරුවකු ඉන්ධන ටැංකිය මත තබාගෙන අනාරක්‍ෂිත අන්දමින් ගමන් කළ යතුරුපැදියක් එම නිලධාරීන් නතර කර තිබෙනවා

යතුරුපැදිකරු වරදක් කර ඇති බවත් ඒ සඳහා දඩයක් නියම කළ යුතු බවත් පොලිස් නිලධාරියා පවසා තිබෙන අතර එහිදී යතුරුපැදිකරු පවසා ඇත්තේ තමන් එක්තරා ආරක්‍ෂක අංශයේ සෙබළකු බවයි

නිවාඩුවට නිවෙසට පැමිණ සිටින තමා බිරිය හා දරුවාද සමඟ තම මවුපියන් බැලීමට යන බවත් , මෙය සාමාන්‍ය දෙයක් නිසා තමන්ට දඩ කොළයක් නොදී මුදා හරින ලෙස ඔහු පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබෙනවා .

එහිදී පොලිස් නිලධාරි මහතා ඉන්ධන ටැංකියේ සිටි දරුවාගේ හිස ආදරයෙන් පිරිමැද පසු පස අසුනේ සිටි යතුරුපැදිකරුගේ බිරිය වෙත ගොස් ඇයගෙන් අසා ඇත්තේ ඔය දෙන්නා මේ දරුවට ආදරේද යැයි කියාය. ඔව් අපිට ඉන්න එකම දරුවා මෙයා තමයි. ඒ නිසා අපි මෙයාට අපේ පණ වාගේ ආදරේ යැයි ඇය පවසා තිබෙනවා

එවිට පොලිස් නිලධාරියා පවසා තිබෙන්නේ මේ හය හතර නොදන්නා කිරි දරුවා තෙල් ටැංකිය උඩ තියාගෙන ඔය දෙන්නා කතා කරකර විනෝදයෙන් ගමන් කරනවා. බැරිවෙලා හරි මේ දරුවට නින්ද යන්නත් හැකියි. එහෙමත් නැත්නම් යතුරුපැදිය අනතුරකට පත් වෙන්නත් පුළුවන්. ඒ වාගේ අවස්ථාවකදී මේ දරුවා යතුරුපැදියෙන් බිමට වැටෙනවා. එවිට මොකක් වෙයිද? එහෙම වුණොත් මේ පණ මෙන් රැක ගන්නා දරුවාට මොනවා වෙයිද? ඔයාලාට මේ දරුවා අහිමිවෙනවා දකින්න ඔයා කැමතිද? කමක් නෑ, යන්න. නැවත මේවාගේ අනාරක්‍ෂිත ගමන් යන්න එපා.යනුවෙන්

ඒ උපදෙසින් පසු කිසිවක් කතා නොකළ තරුණ යතුරුපැදිකරු බිරිය හා දරුවා ,යතුරුපැදියෙන් බස්සවා යතුරුපැදිය පසෙක නවතා දෑසේ කඳුළු පුරවාගෙන පොලිස් නිලධාරියා වෙත පැමිණ .

අනේ මහත්තයෝ මම විශාල වරදක් කර තිබෙනවා. ඔබ පෙන්වා දුන්න කරුණු මට තේරෙනවා. මට සමාවෙන්න.

මම කරලා තියෙන්නේ සමාවක් දෙන්න පුළුවන් වරදක් නෙවෙයි. ඒ නිසා මේ කරපු වරදට මාව අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් දෙන්න යැයි කියමින් තරුණයා පොලිස් නිලධාරියා ඉදිරියේ බැගෑපත්වී තිබෙන බවයි පැවසෙන්නේ

ඔයා හොඳ මහත්තයෙක් ඔයා වරද පිළිගත්තා. නැවත මෙවැනි වරදවල් කරන්න එපා. කමක් නෑ යන්න යැයි කියා පොලිස් නිලධාරියා යතුරුපැදිකරුට පැවැසුවත් ඔහු පැවැසුවේ තමන් කළ වරදට දඩ කොළයක් හෝ දෙනතුරු තමන් නොයන බවයි.

ඒ අනුව යතුරුපැදියක් අනාරක්‍ෂිත අන්දමින් පැදවීමේ චෝදනාව යටතේ යතුරුපැදිකරුට දඩ කොළයක් නිකුත් කිරීමට පොලිස් නිලධාරිවරයා පියවර ගෙන තිබෙනවා

ඉන් පසු යතුරුපැදිකරු හා බිරිය නිලධාරියාට දෑත් එක්කර ආචාර කර පිටත් වූයේ පොලිස් නිලධාරිවරයා තමන්ට මතක හිටින පාඩමක් ඉගැන්නුවා යැයි කියමින් ඉන්ධන ටැංකිය මත සිටි දරුවා බිරියගේ දෑතට දෙමින්ය.
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00