කිලිනොච්චියේ දී සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද (10) අලුයම මෙම අනතුර සිදු ව ඇත්තේ යාපනයේ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ රජයේ බස් රථයක් කිලිනොච්චිය – කන්දසාමි විහාරස්ථානය ඉදිරිපිට දී යතුරුපැදියක ගැටීමෙන් බවයි අප වාර්තාකරු පැවසුවේ.
කිලිනොච්චිය – ගනේසපුරම් ප්‍රදේශයේ පදිංචි යෝගලිංගම් කුමරේසන් නමැති 74 හැවිරිදි පුද්ගලයෙක් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.













