spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වයික්කාල වෙරළට ගොඩගසා තිබුණේ කැළණි ගඟට විසිකළ දරුවාගේ සිරුර ද ?

කුඩා දරුවෙකුගේ මෘත ශරීරයක් වෙන්නප්පුව, වයික්කාල වෙරළ තීරයට ගොඩගසා තිබිය දී ඊයේ (17) සවස සොයාගෙන තිබෙනවා.

එම සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, පොලිසිය සැක පළකරන්නේ මෙය පසු ගිය 15 වනදා වත්තල – කදිරාන පාලමෙන් කාන්තාවක් විසින් කැළණි ගඟට විසිකළ කුඩාගේ සිරුර විය හැකි බවටයි.

වයික්කාල වෙරළ තීරයෙන් හමුව ඇත්තේ වයස අවුරුදු 05ක් පමණ වන උස අඩි 04ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකුගේ සිරුරක්.

මේ අතර දරුවා කැළණි ගඟට දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමට තැත් කළ අදාල කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ඇයව පොලිසියට භාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

අනතරුව ඇය වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපති කිරීමෙන් පසු නියෝග කළේ සැකකාරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

42 හැවිරිදි මෙම මව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?