වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 135 දී අවසන් සුසුම් හෙළයි

චීනයේ වයස්ගතම පුද්ගලයා වන අලිමිහාන් සෙයිටි බ්‍රහස්පතින්දා වයස අවුරුදු 135 දී ෂින්ජියෑන්ග් පළාතේ, උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ බව ප්‍රාදේශීය බලධාරීන් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

ප්‍රාන්තයේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවට අනුව, කැෂ්ගර් ප්‍රාන්තයේ ෂොල් හි කොමුසෙරික් නගරයේදී අලිමිහාන් සෙයිටි උපත ලබා තිබුණේ වර්ෂ 1886 ජුනි 25 වැනිදාය.

කලින් චීනයේ ජෙරොන්ටොලොජිකල් සංගමය ලෙස හැඳින් වූ, වයෝවෘද්ධ විද්‍යාව පිළිබඳ චීන සංගමය විසින් 2013 දී නිකුත් කරන ලද චීනයේ ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ උයිගුර් කාන්තාව ප්‍රමුඛස්ථානයට පත්විය.

“ඇය මගේ නිවසේ සාමකාමීව මිය ගියා” අලිමිහාන් සෙයිටිගේ මුණුපුරා වන කුර්බාන් නූර් පැවසුවේ ඇය ජීවත්ව සිටියදී ඇයව හොඳින් රැකබලා ගත් බවයි.

අලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගත කර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇති අතර, ඇය සිය මිදුලේ අව්වේ රැඳීමටත්, අසල්වැසියන් සමඟ කතාබස් කිරීමට ප්‍රිය කළ බවද සඳහන් වෙයි. සමහර විට ඇය තම මී මුණුබුරන් බලා ගැනීමටද උදව් කර තිබේ.

කොමුසෙරික් නගරය පසුගිය වසරේ දත්තවලට අනුව වයස අවුරුදු 90ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 40කට අධික සංඛ්‍යාවක් සිටින “දීර්ඝායුෂ නගරයක්” ලෙස හැඳින්වේ.

සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ දිගුකාලීන පැවැත්මට අර්ධ වශයෙන් දායක වී ඇත. පළාත් පාලන ආයතනය විසින් ගිවිසුම්ගත වෛද්‍ය සේවාවක්, නොමිලේ වාර්ෂික ශාරීරික පරීක්‍ෂණ සහ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා මාසික සහනාධාර ලබාදීමද සිදුකෙරෙන බව කියයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ෂින්ජියෑන්ග් හි පදිංචිකරුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව 1949 දී වසර 30 සිට 2019 වසර 74.7ක් දක්වා වර්ධනය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14