spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන සතුන් දඩයම් කරන අය ගැන තොරතුරු ඉල්ලයි

ජලය සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජලය සොයා පැමිණෙන වන සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

ජලය සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ද සඳහන්.

විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බව ද වන ජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සහ වෙනත් ප්‍රදේශ සඳහා අලෙවි කිරීම සඳහා වන සතුන් මේ ආකාරයෙන් දඩයම් කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදුකරන වැටලීම් නියං කාලය තුළ ඉහළ නැංවීමට ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?