වන සතුන් දඩයම් කරන අය ගැන තොරතුරු ඉල්ලයි

ජලය සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජලය සොයා පැමිණෙන වන සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

ජලය සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ද සඳහන්.

විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බව ද වන ජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් සහ වෙනත් ප්‍රදේශ සඳහා අලෙවි කිරීම සඳහා වන සතුන් මේ ආකාරයෙන් දඩයම් කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදුකරන වැටලීම් නියං කාලය තුළ ඉහළ නැංවීමට ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58