වන අලි පාසලක් වසයි (ඡායාරූප)

10 දෙනෙකුට ආසන්න වන අලි රංචු දෙකක් අද අලුයම සිට ආරච්චිකට්ටුව කරුක්කුලිය ගම්මානයට කඩා වැදීමත් සමග පාසලක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නැවත නිවෙස්වලට යැවීමට කටයුතු කළ බවයි විදුහල්පති ආර්.ඒ.මිලාන් දර්ශන සඳහන් කළේ.

අද අලුයම ගම්මානයට මෙලෙස කඩා වැදුණු වන අලි රංචු දෙක කරුක්කුලිය ගම්මානයේ පොල් ඇතුළු භෝග වගා වනසා පසුව පාසලට මීටර් 100කට ආසන්න දුරකින් පිහිටි කැලෑවක රැඳී සිටීමත් සමග ජනතාව දැඩි භීතියට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම වන අලි ගම්මානය ආසන්නයේ කැළෑ ප්‍රදේශයක රැඳී සිටිය ද දහවල් කාලයෙ පලවා හැරීම ජනතාවගේ අලින්ගේ ජීවිතවලට තර්ජනයක් හේතුවෙන් සවස් වන විට පලවා හැරීම ආරම්භ කිරීමට කටයුතු කරන බව වන ජීවි නිලධාරීන් සඳහන් කළා.

අදාළ අලි රංචුව පලවා හැරීම සඳහා ආරච්චිකට්ටුව වන ජීවි නිලධාරීන්ට අමතරව පුත්තලම වන ජීවි පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

අදාළ වන අලි රංචුව තබ්බෝව අභය භුමියේ සිට මෙලෙස ආරච්චිකට්ටුවට කඩා වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද අලුයම වන අලි කරුක්කුලිය ගම්මානයට කඩා වැදීමත් මව්පියන් තම දරුවන් පාසල් වෙත නොයවා නිවෙස්වල රඳවා ගෙන තිබූ බවත් පාසල අවට දරුවන් පාසලට පැමිණ තිබුන ද ආරක්ෂාව වෙනුවෙන් පාසල පවත්වා ගෙන යාම නතර කර ළමයින් නිවෙස් වෙත යොමු කර තිබෙනවා.

ඒ සමගම කරුක්කුලිය ගම්මානයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබුණා.

වන අලි රංචුව අද සවස පලවා හැරිමට නියමිතයි.

1 6
2 7
3 6 scaled
4 4 scaled
5 6 scaled
6 5 scaled
7 3 scaled
8 3 scaled
9 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51