spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි පාසලක් වසයි (ඡායාරූප)

10 දෙනෙකුට ආසන්න වන අලි රංචු දෙකක් අද අලුයම සිට ආරච්චිකට්ටුව කරුක්කුලිය ගම්මානයට කඩා වැදීමත් සමග පාසලක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නැවත නිවෙස්වලට යැවීමට කටයුතු කළ බවයි විදුහල්පති ආර්.ඒ.මිලාන් දර්ශන සඳහන් කළේ.

අද අලුයම ගම්මානයට මෙලෙස කඩා වැදුණු වන අලි රංචු දෙක කරුක්කුලිය ගම්මානයේ පොල් ඇතුළු භෝග වගා වනසා පසුව පාසලට මීටර් 100කට ආසන්න දුරකින් පිහිටි කැලෑවක රැඳී සිටීමත් සමග ජනතාව දැඩි භීතියට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම වන අලි ගම්මානය ආසන්නයේ කැළෑ ප්‍රදේශයක රැඳී සිටිය ද දහවල් කාලයෙ පලවා හැරීම ජනතාවගේ අලින්ගේ ජීවිතවලට තර්ජනයක් හේතුවෙන් සවස් වන විට පලවා හැරීම ආරම්භ කිරීමට කටයුතු කරන බව වන ජීවි නිලධාරීන් සඳහන් කළා.

අදාළ අලි රංචුව පලවා හැරීම සඳහා ආරච්චිකට්ටුව වන ජීවි නිලධාරීන්ට අමතරව පුත්තලම වන ජීවි පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ද යොදවා තිබෙනවා.

අදාළ වන අලි රංචුව තබ්බෝව අභය භුමියේ සිට මෙලෙස ආරච්චිකට්ටුවට කඩා වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අද අලුයම වන අලි කරුක්කුලිය ගම්මානයට කඩා වැදීමත් මව්පියන් තම දරුවන් පාසල් වෙත නොයවා නිවෙස්වල රඳවා ගෙන තිබූ බවත් පාසල අවට දරුවන් පාසලට පැමිණ තිබුන ද ආරක්ෂාව වෙනුවෙන් පාසල පවත්වා ගෙන යාම නතර කර ළමයින් නිවෙස් වෙත යොමු කර තිබෙනවා.

ඒ සමගම කරුක්කුලිය ගම්මානයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබූ අතර ඒ සඳහා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබුණා.

වන අලි රංචුව අද සවස පලවා හැරිමට නියමිතයි.

1 6
2 7
3 6 scaled
4 4 scaled
5 6 scaled
6 5 scaled
7 3 scaled
8 3 scaled
9 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?