spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නවගත්තේගම රජවිගම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුකැටියාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පෙරදින රාත්‍රියේ තමන්ට අයත් කුඹුරේ පැල් රැක අලුයම් කාලයේ පාපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර නවගත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?