spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි පහරදීමකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද කන්දකාඩු යුද හමුදා ගොවිපළේ සේවයේ නිරතව සිටි කෝප්‍රල්වරයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රී සේවකයන්ගේ රාජකාරී පරික්ෂාවකට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

34 හැවිරිදි මෙම කෝප්‍රල්වරයා ආනමඩුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

මියගිය හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

වැලිකන්ද පොලිසිය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?