spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ගල්කිරියාගම උල්පතගම පරණගම වැව් ඉස්මත්ත ප්‍රදේශයේදී අද අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ පරණගම වැව ඉස්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක් පමණ වන දෙදරු පියෙක්.

තම ගෙවත්තේ පිහිටි කෙසෙල් පඳුරක් විනාශ කරමින් සිටි වන එලවා දැමීමට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා වන අලියාගේ පහරදීමට ලක්ව ඇතැයි සඳහන්.

උල්පතගම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුටම පහරදී ඇති බවයි.

මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කරදෙන ලෙස ද ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?