spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි නිසා පීඩා විඳින ජනතාව (වීඩියෝ)

දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී ඇති බරපතල ගැටලුවක්.

කෘෂිකාර්මික කේෂත්‍රයේ ප්‍රජාවට මේ හරහා සිදුවන ආර්ථික හානිය අතිමහත්.

දිනපතා ගම් වදින වන අලි රංචුවක් තම වගාවන්ට බරපතල ලෙස හානි සිදුකර ඇතැයි පොළොන්නරුව වීර පෙදෙස ගොවීන් මැසිවිලි නගනවා.

ගම් වැදුණු වන අලි දෙදෙනෙකු ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහක පමණ ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ ද විනාශ කර දමා ඇතැයි ගොවීන් සඳහන් කළා. අතුරු බෝග වගාවන් ද වන අලි විනාශ කර තිබුණා.

අලි වැට ද බිඳ හෙළමින් මෙලෙස ගම් වදින්නේ වස්ගමුව රක්ෂිතයේ සිටින වන අලි රංචුවක්.

මෙම වන අලි ගැටලුව පිළිබඳ අවස්ථා ගණනාවකදී ගොවීන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම පොළොන්නරුව වනජීවී කාර්යාලය දැනුවත් කළද කිසිදු විසඳුමක් නොලැබුණු බව ගොවීන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?