spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි‍යෙකුගෙන් පහර කෑ වෙළෙන්දෙකු මරු දකී

වාලච්චේන, සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිණෙමින් සිටි වෙළෙන්දෙකුට අද (24) අලුයම 4ට පමණ වන අලියකු පහරදීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හතලිස් අට හැවිරිදි හයදරු පියකු වන මුරුගේසු මූනියන්දි නම් වාලච්චේන කුරින්දි නගර්, විනයාගිපුරම් ලිපිනයේ පදිංචිව සිටි අයෙකු බව පරීක්‍ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය පවසනවා.

ඔහු තම පවුල සමඟ සෙවනපිටිය පොළට ප්ලාස්ටික් භාණ්ඩ සහ තවත් භාණ්ඩ තොගයක් විකිණීමට පැමිණ තිබෙන අතර එහිදී වන අලි ප්‍රහාරයට මුහුණපා මනම්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?