වන අලියෙක් දරු දෙදෙනෙකුට පියෙක් අහිමි කරයි

මොරගොඩ – මහදිවුල්වැව ප්‍රදේශයේ දී අද (18) උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද උදෑසන තම නිවසේ සිට ගොවිපොළ දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කඩිනමින් යකල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ඇති අතර, රෝහල් ගතකරන අවස්ථාවේ දී ඔහු මියගොස් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මහදිවුල් වැව රක්ෂිතය වටා විදුලි වැටක් පැවතිය ද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත්, වනජීවී නිලධාරීන් ඇතුළු පනස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් මෙම විදුලි වැට සඳහා යොදවා තිබුණ ද වන අලි නිරන්තරයෙන් ගම් වදින බවයි.

ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ප්‍රමිතියෙන් යුතු විදුලි වැටක් ලබාදීමටත් ඊට අවශ්‍ය නිලධාරීන් යොමුකරන ලෙසත් බලධාරීන්ගෙන් ගම්වාසීන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39