වනුවාටු සෙලවෙයි – රික්ටර් මාපක 7.3ක ප්‍රබල භූ කම්පනයක්

ඕෂනියා කලාපයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දරුණු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

අද (17) මෙම භූ කම්පනය සිදු ව ඇති අතර එහි රික්ටර් මාපකය දැක්වෙන්නේ 7.3ක් ලෙසයි.

මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි බොහොමයක් බිමට ම සමතලා වී ඇති බවයි වාර්තා වන්නේ.

වනුවාටු කුඩා රාජ්‍යයේ අගනුවර වන පෝට් විලා අසල කොටසට මෙය හටගෙන ඇති අතර නායයෑම් සමග බටහිර තානාපති කාර්‍යාල කිහිපයක් පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් ද විනාශයට පත් ව තිබෙනවා.

රට පුරා විදුලිය සහ ජංගම දුරකථන ජාල විසන්ධි වී තිබෙන බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

තොරතුරු වාර්තා වන පරිදි එක් මරණයක් හෝ සිදු වන්නට ඇතැයි සැක කෙරෙන අතර මෙතෙක් එරට රජය ඒ පිළිබඳ ව නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

පෝට් විලා හි මාධ්‍යවේදියෙකු වන ඩෑන් මැක්ගරී පැවසුවේ රෝහල් හි වාට්ටු සංකීර්ණවල බරපතළ තුවාල ලැබූවන් තමන් දුටු බවයි.

වසර 20කට පසු වනුවාටු රාජ්‍යයට බලපෑ දැවැන්තම භූ කම්පනය ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25