වනිඳු හසරංග තවත් කඩඉමක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා සඳහා පිරිනැමෙන පර්පල් කැප් දිනා ගැනීමේ සටනේ වනිදු හසරංග මේ වනවිට 4 වන ස්ථානයේ සිටින්නේ කඩුලු 10ක් ලබා ගනිමින්.

දැනට වැඩිම කඩුලුලාභියා වන්නේ කඩුලු 11 ක් ලබා සිටින යුස්වෙන්ද්‍ර චහාල්.

කඩුලු 10 ක් බැගින් ලබා සිටින කුල්දීප් යාදව් සහ උමේෂ් යාදව් දෙවන සහ තුන්වන ස්ථානවල රැදී සිටින්නේ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාදීම හේතුවෙන්.

කෙසේ නමුත් ඉදිරි තරගවලදී ඔවුන් අභිබවා යාමට වනිදු හසරංග අවස්ථාවක් පවතිනවා.