වනිඳු හසරංග තවත් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ඔහු 3 වන ස්ථානයට පැමිණ ඇති අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්

ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද සිව්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184ක් හිමිකරගනිමින්

එසේම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සම්ප්පා එම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

දකුණු අප්‍රිකා ක්‍රීඩක ටැබ්රිස් ෂම්සි ස්ථාන දෙකක් පහළට යාමත් සමඟ ඔවුන් දෙදෙනාට මෙම නව ස්ථාන හිමිව තිබේ.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ය.

මේ අතර ඉන්දීය ප්‍රබල පිතිකරුවෙකු වන සූර්යකුමාර් යාදව්හට විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන අහිමිව ඇත.

ඒ අනුව විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීමට අනුව පළමු තැන පාකිස්තාන ප්‍රබල පිතිකරුවෙකු වන මොහොමඩ් රිසෝ හිමිකරගෙන ඇත.ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 854කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28