වනිඳු සහ මාලිංග සිය කණ්ඩායම් සමග එක්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමඟ එක්වී තිබේ.

ඊයේ (15) දිනයේදී ඔහු එම කණ්ඩායම සමග එක්වී ඇත.

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකුට අවස්ථාව හිමිවිය.

ඉන්, රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම වනිඳු හසරංග ව මිලදී ගත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිනව කෝටියකට අධික මුදලකටය.

ජාත්‍යන්තර විස්සයි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳීසිටි වනිඳු මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 6වන ස්ථානයේය.

ඒ වනිඳුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තරගාවලියේ තරග කිහිපයක් සහ ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය අහිමිවීම හේතුවෙනි.

වනිඳු හසරංග IPL තරගාවලියකට ක්‍රීඩා කරන දෙවැනි අවස්ථාව ද මෙය වෙයි.

ඔහු මීට පෙර වසරේදී ද රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළේය.

මීට අමතරව භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායමට ද, මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ද, දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ද ක්‍රීඩා කිරීමට නියමිතය.

චාමික කරුණාරත්න මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

මේ අතර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ නිල ජර්සිය ද ක්‍රීඩා ලෝලීන්ට හඳුන්වා දී තිබේ.

තවද, රාජස්තාන් රෝයල් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග ඊයේ දිනයේදී එම කණ්ඩායම සමග එක්වී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44